Saturday, July 4, 2015

ඩෙනිස්ටර්ගේ නිල්කැට වැස්ස ගැන දැනගන්න කැමතිද?.......

නිල්කැට වැස්ස හා ඩෙනිස්ටර්
          තම කුළුදුල් කැසට් පටය ලෙස ඔහු නිල්කැට වැස්ස එළි දක්වයි. ඒ සඳහා ගීත ගායනයෙන් සහාය වනුයේ ප‍්‍රවීණ ගීත ගායනා ශිල්පීන් පිරිසකි.
 
සුනිල් එදිරිසිංහ
සමිතා මුදුන් කොටුව
ශෂිකා නිසංසලා
          
එසේම වසන්තා තිලකාංගනී වැනි නවක ශිල්පීන්ද  මෙහිදී පසුබිම් ගායනයෙන් සහය දක්වන ලදි. 2005 වසරේදී නිර්මාණය කළ මේ සඳහා මහාචාර්යවරු ,සංගීතඥයෝ ,මධ්‍යවේදීන් ඇතුළු කේ‍්‍රෂ්ත‍්‍රයේ ප‍්‍රවීණයන් රැුසක් සහභාගී වූහ.විශේෂයෙන්ම මෙම අවස්ථාවට පණ්ඩිත් අමරදේවයන් සහ කාලෝ ෆොන්සේකයන්ගේ පැමිනීම ඩෙනිස්ටර්හට සුවිශේෂ විය. ජොන්ද සිල්වා රඟහලේදී මෙය එළි දක්වන ලදි.
         
 එතෙක් ගුරු වෘත්තිය පමණක් සිදු කළ ඩෙනිසටර්ගේ ජීවිතය ගීත ගායනය සඳහා තනු නිර්මාණයට සකී‍්‍රය දායකත්වයක් දක්වනුයේ මෙතැන් සිටයි. නිල්කැට වැස්ස හරහා ජනපි‍්‍රය වන ඩෙනිසටර් අමරසිරි පීරිස් සහ ධම්මික බණ්ඩාර යන දෙදෙනාද ප‍්‍රමුඛ කරගනිමින් මෙය සාර්ථක කර ගනියි. මෙහිදී ජනපි‍්‍රය තලයට එන ගීත කිහිපයකි. ඒ ගීත සහ ඩෙනිස්ටර් සතු නිර්මාණශීලී ප‍්‍රථභාව යොදා ගත් ආකාරය මෙතැන් සිට විමසා බැලිය යුතුය.
 
හන්තානෙට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
අඳුරු ලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඬේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අත වනාවී
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

ගී පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය විශාරද ඩෙනිස්ටර් පෙරේරා
ගායනය අමරසිරි පීරිස්

          මේ ගීතයේ පද රචනා ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ධම්මික බණ්ඩාරයන්ය. ඔහු පවසන පරිදි තමන් සේවය කරන පාසලේ උසස් පෙළ අංශයේ පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු පෙමින් බැදී සිටියි. ටික කාලයකින් මේ දෙදෙනාගෙන් පිරිමි ළමයා ධම්මික හට එක්තරා දවසකදී මුණ ගැසෙයි. ඔහුගෙන් පාසල් සමයේ පෙම්වතිය ගැන විමසන ධම්මිකයන්ට ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණු බවත් ඒ නිසා තමන් එම සබඳතාවය නතර කළ බවත් දැන ගන්නට ලැබුණි. මේ සිතුවිල්ල තුළ සිරගත වූ ඔහුට ගීතයක් රචනා කරන්නට සිත් විය. එහි ප‍්‍රථිඵලය හන්තානෙට පායන හඳයි. සමාජය තුළ ඉකිගසමින් තිබෙන සත්‍ය කථාවක් ඔහු මේ ආකාරයට සංයමය පෙර දැරි කරගෙන රචනා කර ඇත.
          
මෙකී ගීතය සඳහා සොඳුරු හඩ පෞරුෂය දායාද කරනුයේ අමරසිරි පීරිස් ශූරීන්ය. ඔහු ගීතය තුළින් කුළු ගැන්වෙන අදහස සන්සුන් ලෙස ගායනා කරන්නට සමත් වු අතර එය රසික හදවත් ඉතා ඉක්මණින් වැළඳ ගන්නට විය.
         
 ගීතය සඳහා තනු නිර්මාණය කරන්නේ ඩෙනිස්ටර් පෙරේරා ශූරීන්ය. එහි තනු නිර්මාණය පිළිබඳව ඔහු එත්කරා අවස්ථාවකදී මෙසේ සඳහන් කර ඇත.
 
”මේ ගීතයේ වදන් පෙළ බැලූ බැල්මට සුන්දරයි. එහෙත් ගීතයකට තාලයකට ගයන්නට පුළුවන්දැයි සැක සහිත වදන් පෙළක්. ඒ වුණත් එහි ගැඛිවුණු අපූරු අදහස මා ඉදිරියේ විසල් මල් රැුකක් සේ මට පෙණුනා. මට ඒ මල් රැුක ලස්සනට සරසන්න අවශ්‍ය වුණා”
          
මෙම ගීතයේ අදහස ඉතා අපූරු එකක් විය. ඒ අදහස තීව‍්‍ර කළ හැක්කේ ඊට අනන්‍ය පරිදි තනු නිර්මාණය සිදු කළහොත් පමණක් බව ඔහු සතු නිර්මාණශීලිත්වය ඔහුට බල කරන්නට විය. මේ සඳහා ඔහු සතු නිර්මාණශීලීත්වය යොදා ගනිමින් ඒ සඳහා රාගධාරී තනුවක් එතරම් උචිත නොවන බව සිතූ ඔහු ඒ සඳහා යොදා ගත්තේ බටහිර සංගීතයේ ආභාසයයි. ඊට 3, 4 රිද්මය යොදා ගන්නා ලදි. උ්නි රිද්මයෙන් සංගීත සංයෝජනය සිදු කරන ලදි.
         
 සුන්දර හන්තාන කඳු මුදුනේ එන සොඳුරු බව රසිකයන්ට තීව‍්‍ර කිරීම සඳහා ඔහු යොදා ගත් සංගීත භාණ්ඩ වුවද ඉතා නිර්මාණාත්මක ඒවා වේ. සුනදරත්වයට ශ‍්‍රාවකයා සංවේදී කළයුතු වූ නිසා සෙක්සෆොන් හඩ මේ සඳහා වැඩි වශයෙන් උපයෝගී කරගෙන ඇත. මෙහි සඳහන් පේ‍්‍රමය ඉතා සංවේදී බවත් එය වෛරයක් නොවන බවත් එය පේ‍්‍රමයේ නාමයෙන් සිදු කරන ලද උතුම් පරිත්‍යාගයක්ය යන සිතුවිල්ලත් රසික සිත් තුළට කාවැද්දවීමට ඩෙනිස්ටර් මෙම ගීතය සඳහා ක්‍ ප්වදර ජදරා යොදා ගෙන ඇත. එනම් ළං ළං ස්වර නොයොදා දුර දුර පවතින ස්වර යොදා ගෙන ඇත. විරහව සමඟම ගීතයෙන් සතුටක් ජනිත කිරීමට ඩෙනිස්ටර්හට අවශ්‍ය විය. ඒ නිසා ඔහු ඒ සඳහා ලීඞ් ගිටාරය වැඩි වශයෙන් භාවිතා කර ඇත. ඔහු මේ ගීතයට කෙතරම් නිර්මාණශීලී ලෙස සංගීතය සුසංයෝජනය කළේද යත් අමරසිරි පීරිස් එක් අවස්ථාවකදී පවසනුයේ ගීතය ඉතා පහසුවෙන් එහි ආත්මයට උචිත ලෙස ගායනා කරන්නට සංගීත භාණ්ඩ හා සංගීත සංයෝජනය බෙහෙවින් උපකාරී වූ බවයි. ඒ අතරම මෙහි භාවිතා කරන සංගීත භාණ්ඩ කිහිපය තුළින් ගැඹුරු අරුතක් ජනිත කරන්නට තරම් ඔහුගේ නිර්මාණශීලී ගුණය වැදගත් විය.
          
සන්සුන් භාව ප‍්‍රකාශන වදන් පෙළක්ද සමඟින් ළයාන්විත හඩකින් ගායනා කළ මෙම ගීතය රසික හදවත් සන්තර්පණය කරන්නට එහි වූ ඝෝෂාකාරී බවකින් තොර සංයමයකින් සුසංයෝග කරන ලද සංගීත නාද මාලාව අගය කළ යුතුය. විශේෂයෙන්ම මේ තුළ ඩෙනිස්ටර් සතු නිර්මාණාත්මක තනු නිර්මාණ ගුණය ප‍්‍රකට වේ.
          
ඩෙනිසටර් පෙරේරා සංගීත කේ‍්‍රෂ්ත‍්‍රයට නවකයෙකු වුවද නිල්කැට වැස්ස හරහා ඔහු අමරසිරි පීරිස්ගේ හඩ පරාසයට උචිත ආකාරයට ඉතා නිර්මාණශීලීව ගී තනු නිර්මාණය කරන්නට උත්සාහ ගත් සංගීතඥයෙකි. මේ නිල් කැට වැස්සේ එන තවත් ගීතයකි,
 
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින් 
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි කාලයේ
හිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී තිබුණත් කොයි තරම්
එක මලක්වත් සුවඳ නැතිවිය නුඹ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගී පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩෙනිස්ටර් පෙරේරා
ගායනය අමරසිරි පීරිස්
          
ඔවුනොවුන්ගෙන් වෙන් වූ පේ‍්‍රමවන්තයන් පේ‍්‍රමවන්තියන් නැවත කවදාක හෝ අහම්බයකින් වුවද මුණ ගැසීමට හැකිය. එවන් අවස්ථාවකදී දැනෙන සිතුවිල්ල පෙර ආරයේදී දැනුන සිතුවිල්ල තරමටම ප‍්‍රබලය. කාලයේ වැලි තළා අතර තමන්ගේ මතකයන් රඳවා තබා ඒ සියල්ල අමතක කර දමන්නට උත්සාහ ගත් විට පෙර ආදරය නැවත පැමිණ ඇත. අමරසිරි පීරිස් පවසන පරිදි මේ ගීතයේ සිටින පේ‍්‍රමවන්තයා ආදරයේ ඒ අමිහිරි අතීතයේ සිරකරුවෙකි. මෙම ගීතය සඳහා සංගීතය නිර්මාණය කළ ඩෙනිස්ටර් බටහිර සංගීතයේ ආභාසය මනා ලෙස පාදක කරගෙන ඇත.බටහිර ආභාසය ලබමින් ගීතය තුළින් අහිතකර භාවයන් ඉස්මතු නොවන ආකාරයට ඊට අවැසි සංගිතය නිර්මාණය කරන්නට ඩෙනිස්ටර් සමත් වී ඇත.
          
මෙලෙස නෙසිතූ පරිදි එකිනෙකාට මුණ ගැසෙන පේ‍්‍රමවන්ත යුවළ මෙසේ සිතන්නට ඇති බව නිල් 
 කැට වැස්ස තුළම අන්තර්ගතය.
 
ඔබ එදා නම් සඳ වගේමයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි මට සිතෙයි
ඔබ දමා යන්නට හිත කියයි
ඔබ එදා නම් සඳ වගේමයි
නෙතේ නෑ ආදර කැළුම්
කොහි සැඟවුණාදෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නෙවෙයි මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
පිටු පුරා පෙම් කවි ලියූ
හිත ගොළු වුණේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ
 
ගී පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩෙනිස්ටර් පෙරේරා
ගායනය අමරසිරි පීරිස් හා දිල්රුක්ෂි  ජයකොඩි
          
කාලයක් පැවති ආදරයක් නැවත කාලයකින් හමු වූ පසුව දෙදෙනා තුළ පවතින වෙනස ඉතා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන්නට ඩෙනිස්ටර් තම තනු නිර්මාණය පාදක කර ගන්නා ලදි.

          අමරසිරි පීරිස් ,ධම්මික බණ්ඩාරයන් හා ඩෙනිස්ටර් පෙරේරා රසික හදවත් තුළට ආත්මගත වනුයේ මගේ පුංචි රෝස මලේ ගීතය හාරහාය.
 
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර ? හඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මම කවුළු පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
 
ගී පද රචනය ධම්මික බණ්ඩාර
සංගීතය ඩෙනිස්ටර් පෙරේරා
ගායනය අමරසිරි පීරිස්
         
  වියපත් අයෙකුට වුවද ආදරය ගැන සිතුවිලි පහළ විය හැකිය. එය පවතින සමාජයට නොගැළපෙන්නේ වුවද මේ තුන් පූට්ටු එය අපූරුවට මනා සංයමයකින් යුතවු එය නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම සංගීත නිර්මාණ ශිල්පී ඩෙනිස්ටර් පෙරේරා මෙහිදී යොදා ගෙන ඇති සංගීත ශෛලිය ඉතා වැදගත්ය. ගීතය පුරාම යොදා ඇති සොලෝ සංගීතය මඟින් එහි එන වියපත් පුද්ගලයාගේ තරුණ බව හොඳින් ආරක්ෂා කරන්නට ඔහුට හැකි වී ඇත. මේ ආදරය පිළිබඳව රසිකයා තුළ පිළිකුළක් ඇති නොවන ආකාරයට ගී තනුව නිර්මාණය කරන්නට ඩෙනිස්ටර්ට හැකි වී ඇත.
          
නිල්කැට වැස්ස කැසට් පටය තුළ එන තවත් වැදගත් ගීතයකි සුනාමිය සම්බන්ධයෙන් ලියවුණු ගීතය. මෙහි සංගීතය පිළිබඳව විමසා බැලීමේදී එහි සංගීතය සංගිත සංධ්වනියකට සමාන වේ. එහි යම් යම් ස්ථාන වල යොදා ඇති සංගීතයේ එන තාල අනුව මුහුදේ කැළඹිල්ල සහ නිශ්චලභාවය මනා ලෙස ගෙනහැර දක්වා ඇත. සොඳුරු බොහෝ දේ නපුරු වන ආකාරයද ඉතා හොඳින් ගෙනහැර දක්වන්නට ඩෙනිස්ටර් එයට යොදා ගෙන ඇති සංගීතය අනුව සිදු කර ඇත. විශේෂයෙන්ම මෙහිදී බටහිර, හින්දුස්ථානි සහ කර්නාටක සංගීතය යොදා ගෙන තිබීම තුළ ඔහු ඉතා නිර්මාණශීලීව ඒවා ඒ ඒ ශබ්ද වලට අනුරූප වන පරිදි යොද ගෙන තිබීම දැකගත හැකිය.
 
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
          
මෙහිදී හින්දුස්ථානී සංගීත ආභාසය ලබා තිබීම නිසා මෙය බටහිර සංධ්වනියකටද බර වී ඇත. ජලයේ ගැඹුරු බව ප‍්‍රකාශ කිරීම සඳහා මේඝ මල්ලාර රාගය යොදා ගෙන ඇත. එය තමන්ට උචිත වෙනසකම් සිදු කරමින් යොදා ගෙන තිබීම නිර්මාණශීලී ප‍්‍රතිභාව ප‍්‍රකට කරන අවස්ථාවකි.
         
 ජපන් කාන්තාවකට වන අසාධාරණය ඇතුළත් තවත් ගීතයක් මෙහි ඇත. මනා පද රචනය තුළින් ලියවී ඇති මේ ගීතය තුළ ජපන් සංස්කෘතිය මනා ලෙස නිරූපිතයි. එම සංස්කෘතිය තුළ එන අධිවේගයෙන් වැඩ කරන මිනිසුන් පෙන්වීම සඳහා ඊට අනුකූල වන පරිදි සංගීතය යොදන්නට ඩෙනිස්ටර් හට හැකි වී ඇත. ලංකාවේ සංගීතය තුළ එන හොරණෑව, උඩරට ,පහතරට බෙර මෙන්ම ජපානයට ආවේණික කොටෝ සංගීතය මේ සඳහා යොදා ගෙන ඇත. තවද ඊට උචිත පරිදි රබන් වර්ගද යොදා ගෙන ඇත. විශේෂයෙන්ම මෙහි එන ගී තනුව මඟින් ජපන් ස්ති‍්‍රය සතු කලබලකාරී ස්වරූපය ඉස්මතු කරන්නට ඩෙනිස්ටර් පෙරේරාට හැකි වී ඇත.

සටහන     දිස්නා ගමගේ

3 comments: