Friday, July 3, 2015

මෙන්න මෙහෙමයි වෙසක් විකුණන්නේ...හොදට බලන්න....

වෙසක් අළෙවිය
 
පින්බර වෙසක් මංගල්‍යය යෙදී ඇත්තේ බුදුන් වහන්සේගේ තෙම`ගුල සිහිපත් කිරීමටයි. මහින්දාගමනයෙන් පසුව මෙකී ආගමික කාරණා සංස්කෘතික උළෙලක් බවට පරිවර්තනය වන්නට ඇත. ඒ නිසා පසු කාලය වන විට අලංකාරවත් උත්සව විලාසයෙන් වෙසක් සමරන්නට විය. මෙවන් කාරණා හමුවේ බුදු දහම දර්ශනයක් ලෙස කොතෙක් ආරක්ෂා වී ඇත්ද යන්න ප‍්‍රශ්නකාරී වෙයි. බුදු දහමේ බොහෝ කරුණු කාරණා අපට උගන්වන සත්‍ය වනුයේ අනිත්‍යතාවයයි. එහෙත් වර්තමාන වෙසක් සැමරීම තුළ අනිත්‍යතාවය යනු කුමක්ද යන්න නැවත සාකච්ඡුාවට ලක් කළ යුතුය.
 
දාර්ශනික චින්තාවට අනුව වෙසක් කූඩු නිර්මාණය කිරීම, දන්සැල් දීම, තොරන් ගැසීම, භක්ති ගීත සංදර්ශන පැවැත්වීම ආදී වු කි‍්‍රයාකාරකම්හි අපේක්ෂිත බලාපොරොත්තුව වනුයේ සාමුහිකත්වය ඇති කිරීම, නිර්මාණශීලිත්වය වර්ධනය කිරීම මෙන්ම ජීවිතයේ ඇති විනාෂවීයන ස්වභාවය පෙන්වීමයි. එහෙත් වෙසක් කූඩුවක් වෙළෙදපෙලෙන් මිලදීගෙන නිවස සරසන වත්මන් සමාජයක මේවා සුරක්ෂිත නොවේ. නිවසේ වැඩිහිටියන්, කුඩා ළමුන් මේ සියල්ලම එකට එකතුවී වෙසක් කූඩුවක් නිර්මාණය කිරීම සැබෑ වෙස`ගක අර්ථයයි. ඉතා අලංකාරවත් ලෙස කූඩුවක් නර්මාණය කරන ඔවුන් එකිනෙකා අතර සොම්නස හුවමාරු කර ගනී. සැණෙකින් නිවස අලංකාර කරන මෙම කූඩුව තවත් නොබෝ වේලාවකින් කෑලි කැඞී විනාශ වී යයි. මෙය වූ කලී බුදු දහම තුළ අපේක්ෂිත අරමුණයි. එසේ නොවී වෙළෙදපොලෙන් මිලදී ගනු ලබන වෙසක් කූඩුවක් තුළින් මුලින් කී සතුට හෝ ජීවිතයේ විනාශ වී යන ස්වභාවය හැ`ගවීම දුෂ්කරය. අද ලෝකය තුළ මුදල් මත සියල්ලක්ම තීරණය වී අවසන්ය. ඒ නිසාම වෙසක් උදාවන විට වැඩිහිටියන් මුදල්වලට දරුවාගේ සාමුහිකත්වය මෙන්ම නිර්මාණශීලිත්වයද උදුරාගෙන ඇත. මෙය එක් අතකින් වෙළෙදපෙල බොරුවට ජනතාව හසුවන අවස්ථාවක්ද වෙයි. වාණිජ පරාමාර්ථ උදෙසා කි‍්‍රයාකරන එවන් රැුවටිලිකාරයන්ගේ කි‍්‍රයාවලට ජනතාව හසුවීම නිසා වෙසක් යන්න අළෙවිකරණ උපක‍්‍රමයක් බවට අද පත්ව ඇත. එපමණක් නොව ව්‍යාපාරික ආයතනයන්හි තවත් එක් ප‍්‍රචාරණ උපක‍්‍රමයක් බවට වෙසක් කූඩුව පත්ව ඇත. තම ආයතනයේ නාමය පාරිභෝගිකයා වෙත සන්නිවේදනය කිරීමට වෙසක් කූඩුව උපකාරී කරගන්නා ව්‍යාපාරික ආයතන විශාලය. වෙසක් කූඩුව දුටු පමණ අපට සන්නිවේදනය වන්නේ අදාළ ආයතනික නාමයන්ය. දිවයිනේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික මෙන්ම මූල්‍ය ගනුදෙනුකාර ආයතන මෙම කි‍්‍රයාව සිදුකරනුයේ එය සෑබෑ වෙසක්ය යන අර්ථය දීමට මෙන්ය.
 
වෙසක් කූඩු පමණක් නොව දන්සැල් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනි කතිකාවත්ය. අතීතයේ දන්සැල් දීම සිදුව ඇත්තේ මුදල් හිමි ධනවතුන් විසිනි. ඔවුන් තම මුදල් වලින් දුගී ම`ගී යාචකයන්ට මෙලෙස දන්සැල් ලබා දී ඇත. එහිදී ඔවුන් තුළ පැවතියේ පිරිසිදු දානමය කටයුත්තක් සිදු කිරීමයි. එහෙත් වර්තමානයේ දන්සැල් දෙන මෙන්ම දන්සැල් වලින් අනුභව කරන අය තුළ පවතින මානසිකත්ව වෙනස් මුහුණුවරක් ගනී. දැන් දැන් දන්සල් දෙන්නේ හො`ද හො`ද විදියටය. සිම්පත් ලබාදීම ඒ අතර හරි ලස්සනය. දුරකථන සමාගම් තම අළෙවිය වැඩි කර ගැනීමට යොදන උපක‍්‍රම බොහෝ වෙති. ඒ අතර වෙසක් පෝය නිමිති කර ගනිමින් එස් එම් එස් යවා පහනක් දැල්වීමට ඉඩ වෙන්කර ගැනීම හා ප‍්‍රාර්ථනාවක් කිරීමට පහසුකම් සැළසීම සම්බන්ධයෙන් අපට ප‍්‍රශ්න පවතී. ඒ මේ අළෙවි වන්නේ බුදු දහම නොවේද යන්නයි. බොහෝ විට දන්සලක් දීම සිදු කරනුයේ ප‍්‍රචාරණය වැඩි කර ගැනීමටය. නැතහොත් ප‍්‍රදේශයේ සිටින තවත් පිරිසකට තමන්ගේ බලපුලූවන්කාරකම ප‍්‍රදර්ශනය කිරීමටය. තමන් සංවිධානය කරන දන්සලට වෙනත් අයෙකු අනුග‍්‍රහය දැක්වීමට පැමිණි පසු එය නිහතමානීව භාරගන්නා අය අප අතර නොවේ. ඒවා ප‍්‍රතික්ෂේප කරන අය අප අතර බහුල වේ. එවන් තත්ත්වයන් හමුවේ බුදු දහමේ අපේක්ෂිත පරාමාර්ථය ඉටු නොවේ. වර්තමානයේ පෞද්ගලික පන්ති කේ‍්‍රෂ්ත‍්‍රය තූලද මේවා කූට උපක‍්‍රම ලෙස සිදු වෙමින් පවතී. ඒවා හුදෙක්ම ප‍්‍රචාරණය උදෙසා මිස පොදුජන සුබසිද්ධිය උදෙසා නොවේ. ශබ්ද විකාශන යන්ත‍්‍ර කන් පැළෙන තරමට දමන දන්සැල් වල උදවිය බුද දහම තුළ එන පරිසර හිතකාමිත්වය කෙරෙහි දක්වා ඇති දායකත්වය පිළිබ`දව නැවත මෙනෙහි කළ යුතුය. දන්සැල් වලින් අනුභව කරන උදවියටද කිවයුතු යමක් ඇත. අල්පේච්ජතාවය බුද දහමේ අනුමතය. එහෙත් වසර ගණනක් එකදිගට නොකාසිටියා සේ දන්සැල් පෝලිෙමි සිටින උදවිය දකින විට සිතට කළකිරීමක්ද ඇති වේ. දන්සැල් නිර්මාණය කලේ ඔබ වෙනුවෙන් බව පිළිගනිමු. එහෙත් එක් දන්සලකින් බඩ පැලෙන්නට කා තවත් දන්සලක පෝලිමේ රැු`දී සිටීම තෘෂ්ණාභරිත බව ප‍්‍රකට කරන්නකි. එමෙන්ම එහිදී සිදු කරන වංචාද අසීමිතය. පිටිපස්සේ සිටින පුද්ගලයා අනෙකාගෙ මුදල් පසුම්බියමෙන්ම ජංගම දුරකථනය සොරා ගැනීමට දරණ උත්සාහය, අනෙකාට ලිංගික අතවරයක් කරන්නට දරණ උත්සාය අපේ වචනයට අනුව
කැතම කැතය. බුද්ධවචනටය අනුව පාපී කි‍්‍රයාවකි. මෙලෙස ඇස නොගැටුණු තවත් දන්සැල් ජාවාරම් බොහෝ වෙයි.
වෙසක් පෝය යනු වෙනදාට සිල් නොගන්නා බොහෝ අය සිල් ගන්නා පොහෝ දිනයකි. සිල් ගැනීමට තෝරා ගන්නා ස්ථානයන්ද වෙනස්ය. ඇතැම් උදවිය තම ගමේ හෝ අසල්වැසි පන්සලට නොගොස් බොහෝ දුර බැහැර පන්සල් තෝරා ගැනීම සිරිතකි. මේ අනුව අපට පැහැදිලි වන එක් කාරණයක් ඇත. එනම් වර්තමානයේ පන්සල් වලටද විවිධ වටිනාකම් එකතු කර ඇති බවයි. ඒ එහි ඇති බෞද්ධ ධර්මීය අගයක් නිසා නොව ඊට ලබා දී ඇති විවිධ වාණිජමය වටිනාකම් නිසාය. මේ වන විට මාධ්‍ය ආයතනද මේ තත්ත්වයට පත්වී ඇත. තම මාධ්‍ය ග‍්‍රාහකයාට අළෙවි කර ගැනීමේ උපක‍්‍රමයක් ලෙස වෙසක් පෝය යොදා ගනී. එහිදී උසස් යයි කියාගත් පිරිසක් ගැවසෙන ස්ථනයක් මාධ්‍ය ආවරණය ස`දහා යොදා ගනී. එමෙන්ම තම සහෝදරයයි කියාගත් අනෙකුත් මාධ්‍ය ආයතන සම`ග තර`ගකාරීව කටයුතුකළ හැකි විහාරයක් තෝරා ගැනීම සුලබ කරුණකි.
 
මේ අනුව මේ සියල්ලටම වාණිජමය වටිනාකම් එකතුකර අවසන්ය. ඒවායේ සැබෑ මුහුණුවර කිසිදු ස්ථානයකින් දැකගත නොහැකිය. මෙලෙස සිල් සමාදන් වීමට යන බොහෝ උදවිය ඉඩක් ලැබුණු විගස කතා කරනුයේ වෙනකෙක් හෝ වෙනත් කාරණයක් පිළිබ`දවය. එමෙන්ම සිල් තුළ ප‍්‍රගුණ කරන්නට උත්සාහ දරණ සිල්පද පිළිබ`දව කිසිදු දැනුමකිත් තොරව මෙන් ඔවුන් හැසිරීම කණුගාටුදායකය. සිල් සහ විලාසිතා අතර සම්බන්ධය කවරාකාරද යන්නත් විමසුමට ලක් කළ යුතුය. සිල් සමාදන්වන බොහෝ උදවිය සියලූ විලාසිතාවෙන් සැරසීමට අමතක නොකරයි. පන්සලට ගොස් මලක් පූජා කරන සැදැහැවතුන් තවත් නිමේෂයකින් අවබෝධ කර ගන්නා සත්‍යයක් ඇත. එනම් මල් පරවී යනවා මෙන් ජීවිතයද විනාශ වී යන බවයි. එහෙත් මේ ප‍්‍රායෝගික සත්‍යයන් අද වෙසක් තුළ නොමැත.
 
මේ සියල්ල අනවබෝධයෙන් පිළිපදින සමාජයක සැබෑවටම වෙසක් යනු කුමක්ද යන්න ප‍්‍රශ්න කළහොත් එයට සාර්ථක පිළිතුරක් ලබාදිය හැකි අය අතලොස්සකි. මේ නිසා මෙවන් අවිද්‍යා කටයුතු වලින් ජනතාව ඈත් කර වෙසෙ`ගහි සැබෑ අර්ථය විවරණය කළ යුතුය. එසේ නොවන්නට මේ සියල්ලම ඉදිරියේදී විකෘතියක් බවට පත්වීමට ඇති ඉඩ අසීමිතය.
 
සටහන කේ ජී දිස්නා කුමාරි 
කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment