Tuesday, June 23, 2015

කාන්තාරේ ඇගේ වේදනාව දැනෙන අය බලන්න.................බගමනිය කාගෙද?............

වෙනදා වගේ
උඹේ ඇගිල්ලේ එල්ලිලා
පාලු කතර දිගේ
මා ආවා................
රත්වුණු ගල්තලාවේ
උඹ මාත් වාඩිගත්තා
හිතුණා..............
මහන්සියි උඹට
කවදාවත් නැතිව
උඹ මගේ
දෙකකුලම පළල් කළා
මාත් මගේ පුංචි ලෝකේ
තනිවෙලා හිටියා
රකුසු ඇස් තියෙන
කොණ්ඩෙ වසාගත්
නාකි ගැහැණියක්
මොනවදෝ කියමින්
මලකඩින් රජවුණු
බ්ලේඩ් එක දික්කළා
මුලු ගලම ලේ වුණා
දුක නැද්ද?
උඹට අම්මේ
වොරිස්
තාමත් හිතනවා ඇති

දිස්නා...........

3 comments: