Sunday, June 14, 2015

සාමාන්‍යෙයන් පොළේ විකුණන්නේ බඩු ඒත් මේ ඒ වෙනුවට වෙන දෙයක් විකුණන පොළක් කියවලා බලන්න හොදයිද මේ පොළ



පොළේ විකුණන කැලණි සිල්
අද කැම්පස් එකේ ලෙක්චර් තිබුනේ නැහැ. ඒ  පෝය නිසයි.අපි කිහිප දෙනෙක් හිතුවා කැලණි පන්සලට යන්න. අපි ගියපු බස් රථය කැලණි පන්සල ළඟ නතර වුණා. අපි වගේම සුදුවතින්ඇඳ ගත්තු තවත් උදවිය අපිටත් බැනලා ඉක්මනට බැස්සා. හරියට තව ටිකකින් පිළිම වහන්සේ වෙන තැනකට අරගෙන යන්න හදනවා වගේ. අපිත් තරුණියො ටිකක් නිසා හයියෙන් හින වුණා. ඒ උදවිය අපි දිහා රවල බලද්දී අපි තවත් හයියෙන් හිනා වුණා.

පන්සලක අනන්‍යතාවය මල් සුවo" සිල් සුවද සාධුනද කියලයි අපි හිතාගෙන හිටියේ. සාධු නද වෙනුවට අවට සෑම තැනකින්ම කවලම් වූ විවිධ හඩ අපිට ඇහුණා. කිලෝව පනහයි. කට්ටිය එකතු වෙලා හිටිය නිසා මමත් ළගට ගියා. ඒ පැණි කොමඩු. ඕනම කෑල්ලක් රුපියල් සීයයයි. කොට කලිසම් ටිකකුයි කාන්තා අත් බෑග් ටිකකුයි දැක්කා. ඒ අතරින් අපිට බස් එකේදී බැණපු කාන්තාවගේ රූපෙත් දැක්කා.

අපි ගියේ වදින්න. ඒත් වැන්දේ නැතුව අනිත් ඔක්කොම කළා. අපි විතරක් නොවෙයි. අනිත් හැමෝම එහෙමයි. පෝය දවසට කැලණි පන්සල කැලණි පොළ වෙනව කියලා මම දැනගත්තේ එදා. මේ පොළ ගොඩාක් ජනප්‍රියයි. පන්සලට නෙවෙයි පොළෙන් බඩු ගන්නම බෑග් මලු අරන් ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා. ඒ අතර පෙම්වතුන් පෙම්වතියන් වගේම වැඩිහිටියනුත් හිටියා. අවුරුද්දට බඩු ගන්නද ආවේ කියලත් හිතුණා. ඒත් නැහැ හැම පෝයකටම කැලණි පන්සල ළග එහෙමයි කියලා ආරංචි කලාම දැන ගන්න ලැබුණා. අපි පන්සලට ගියා. ඇතුළ  හිරිම නිස්කලංකයි. පොළේ ඉන්න පිරිසෙන් භාගයක්වත් පන්සලේ හිටියේ නැහැ. පුදුමත් හිතුණා.

අපි හැමවෙලේම කියන්නේ අපිට දෙදහස් පන්සියයක ඉතිහාසයක් තියෙන ‍බෞද්ධ රටක් කියලා. ඒ ඉතිහාසයේම අපි මෙහෙම දේවල් තමයි කරන්න ඇත්තේ. වෙලාවකට හිතෙනවා හතර පෝයටම සිල් ගන්න උදවියට වැඩිය අනිත් අය බෞද්ධ දර්ශනය දන්නවා සහ ප්‍රායෝගික කරනවා කියලා.

මේ අතර මම අපුරු දර්ශනයක් දැක්කා. වෙලාව උදේ නවය හමාරට විතර ඇති. දැකපු ගමන් පොටෝ ගන්න හිතුණා. ඒත් කවුරුහරි බනියි කියලා බය හිතුණා. ඒ වුණාට යාළුවොත් හිටිය නිසා ෂේප් එකේ ගත්තා. මේ ඒවා

 



එහෙම පොටෝ ගතපු එක ආචාරධර්ම විරෝධීයි නම් සමාව ඉල්ලනවා. කෙහොම වුණත් මේ වෙද්දී සිල් සමාදන් වෙලා පැය කිහිපයක් ගත වෙන්න ඇති. කැමරාවට හසු කර ගන්න බැරි වුණ මේ වගේ  තවත් අය කැලණි පොළේ හිටියා. නැටුම් ගීත වාදනය නාට්‍ය බැලීම ආදිය සිදු නොකළ යුතුයි කියලා අෂ්ඨ සීලය ඇතුළත් වෙනවා. කැලණි පොළ නම් කරපු නැටුමක් නොවුණත් බලාපොරොත්තු වෙච්ච අරමුණ එකයි කියලයි මට හිතෙනවා. අපි ටික වේලාවක් මෙහෙම ඉදිද්දී වෙලාව එකොළහ හමාර විතර වුණා. කැලණි පොළේ මේ විදියට සැරිසරුව බොහෝ දෙනා දාන ශාලාවේ ඉන්නවා අපි දැක්කා.

කැලණිය විතරක් නෙවෙයි තවත් බොහෝ තැන්වල මේවගේ තත්ත්වයන් වෙනත්  විදියට තියෙනවා. ආගම දැන් වෙලදාමක් වෙමින් තියෙනවා කියලා හිතෙනවා. පහු ගිය දවස්වල කොළඹ කොටුවේ වගේම රටේ හැම තැනම අම්ම ගැනයි තාත්තා ගැනයි කියමින් ගායනා කරන බණ පටිය ජනප්‍රිය වුණා. සමහර විට ඒ හැමදේමත් මේවට බලපාන්න ඇති. මිනිස්සු දැන් දැන් බොහො දේ වැළද ගන්නේ අර්ථයකින් නෙවෙයි. රිද්මයකින්. බණ උණත් එහෙමයි. ඒවට හුරු කළෙත් එවැනි ක්‍රේෂත්‍ර වල ඉන්න උගතුන් කියලයි මට හිතෙන්නේ.

කොහොම වුණත් සීලය ගැන මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. කිරිල්ලියක් තම බිජුව රකින්නාක් මෙන් සෙමෙර මුවෙකු තම වලිගය රකින්නාක් මෙන් පියෙකු තම එකමපුතු රකින්නාක් මෙන් එක ඇසක් පමණක් හිමි අයෙකු ඒ ඇස රකින්නාක් මෙන් සිලය පිරිසිදුව ඇල්මෙන් අවධානය යොමු කොට ආරක්ෂා කළ යුතුය. මේ කියන්නේ සීලය ආරක්ෂා කරන්න කියලා නෙවෙයි. ඒ වගේ බොරු දේවල් සමාජගත කරන එක නතර කරන්න කියලයි. හිතනවා ඇති මම ආගමික විරෝධියෙක් කියලා. නැහැ මම නෙවෙයි මේ ඔක්කොම බලාගෙන දැක්කේ නෑ වගේ ඉන්න අය තමයි ආගම් විරොධියෝ. මේ කියන්නේ මිනිස්සු කරන බොරුව නවත්තන්න ඕන කියලයි. ඒ කියනනේ මිනිස්සු අගමට මුවා වෙලා ආගම රකිනවා වගේ ඉදගෙන ගොඩාක් ජඩ වැඩ කරනවා. ඒ නිසා මේවගේ දේවල් නතර කරන්න ඕන කියලයි මගේ අදහස. අාෙයත් කියන්ෙන් සිල් ගන්න එක නෙවෙයි. සිල් වලට මුවාවෙන් හොර වැඩකරන එක.

සටහන කේ ජී දිස්නා කුමාරි
            කැලණිය විශ්වවිද්‍යාලය

3 comments: