Thursday, June 25, 2015

බල්ලෝ මරලා හම්බකරන සල්ලි එපා නේද?......



දන්නවද යුලින් ගැන උත්සවයක්ද? නගරයක්ද?

යුලින් කියන්නේ දකුණු චීනයේ ශාන්සි  පළාතේ තියෙන නගරයක්. මේ නගරයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවයකුත් යුලින් කියලා හදුන්වනවා. දන්නවාද මේ උත්සවය සමරන  විදිය. බලුමස් ආහාරයට ගන්න තමයි මේ උත්සවය තියන්නේ. මෙය පවත්වන්නේ සෑම අවුරුද්දකම ජුනි මාසයේ. මෙවර ජුනි 21 සහ 22 යුලින්වල මේ උත්සවය සුපුරුදු පරිදි පැවැත්වුණා. ජුනි මස 21වනදාට එළඹෙන ග්‍රීෂ්ම සෘතු සූර්ය නිවෘත දිනයේදී මේ වදියට බලු මස් ආහාරයට ගැනීමේ උත්සවය චාරිත්‍රයක් විදියට ආරම්භ වුණා. මේ උත්සවයේ ආරම්භය 1990 දී වූණා කියලයි ආරංචි වෙන්නේ. වැඩිපුරම මේ විදියට බලු මස් ආහරයට ගන්නේ වැඩිමහල් පුද්ගලයන්ලු. ප්‍රධානම හේතුව ශරීරයේ උෂ්ණත්වය ඉහළින් පවතාවාගෙන යනඑක. සීත කාලයට සුනඛ මස් ඉතා හොද ආහරයක් බව යුලින් වැසියන් විශ්වාස කරනවා. ඇතැම් විට විවිධ රෝගයන්ට වෛද්‍යවරුන්ද සුනඛ මස් නිර්දේශ කරනවා.

වාර්ෂිකව සංවිධානය කරන මේ උත්සවයට බලු මස් හොයාගන්නේ නිවෙස්වල ඇති කරන බල්ලන් හොරකම් කරලා. වීදිවල ඉන්න බල්ලන් අල්ලල කූඩු කරලා. එහෙමත් නැත්නම් තැරැව්කරැවන් මාර්ගෙන්. සත්ත්ව හිංසනය පිටු දැකීමේ ක්‍රියාකාරීන් පවසන්නේ මේවිදියට බල්ලන් 10000ක් විතර එක් දිනකට ඝාතනය කරනවා කියලයි. මේ සම්බන්ධයෙන් වසර 4ක් කරනලද පර්යේෂණයකට අනුව රාජ්‍ය නොව සංවිධාන වාර්තා කරන්නේ වසරකට සුනඛයින් මිනියන 10ක් ඝාතනය වෙනවා කියලා. මේ උත්සවය දිනයට යුලින්වල වීදි දෙපස මැරූ බල්ලන් වගේම හම ගසනලද බල්ලන්ද දක්නට ලැබීම සුලභ දර්ශනයක්.

 


විවිධ ආකාරවලින් පිසින ලද සුනඛ මස් යුලින් වැසියෝ ආහාරයට ගන්නේ නිකම්ම නෙවෙයි. ලිචී කියන පළතුරෙන් වගේම ධාන්‍ය වර්ගවලින් පෙරූ සැරම සැර මත්පැන් එක්ක තමයි ඔවුන් මේවා භුකිති විදින්නේ. විදුලි සැර වද්දවා සුනඛයින් මරණ මොවුන් පසුව පුලුස්සා හමඉවත්කර ආහාරයට යොදා ගන්නවා.

මේ විදියට බල්ලෝ මරන එක කොහාම උණත් හොද වැඩක් නෙවෙයි. අනික බල්ලො මරලා උත්සවයක් කරන එක. අපේ රටේනම් මේකට හොද කතාවක් තියෙනවා. බල්ලො මරලා හම්බකරන සල්ලි එපා කියලනේ බැඩිහිටියෝ කියන්නේ. මේ හිංසනයට විරුද්ධව චීනය වගේම තවත් රටවල සත්ත්ව හිංසනය පිටුදැකීමේ ව්‍යාපාර කටයුතු කරනවා. #stopyulin 2015 යන හෑෂ්ටැග් එකෙනුත් විරෝධය එල්ල වෙන්නේ මේ හිංසනයටයි. සත්ත්ව හිංසනය පිටුදකින්න විවිධ පුද්ගලයෝ මීට එරෙහිව හඩ නැගුවද එය තවමත් නතර වෙලා නැහැ. මේ චාරිත්‍රයට විරුද්ධව චීනයේ බොහෝ ප්‍රදේශවලින් විරෝධතා එල්ල වෙමින් පවතිනවා. චීනයේ සමහරු මෙම චාරිත්‍රය පිටුදැකීමට එරෙහි වන ලෙස විවිධ රටවලින් ඉල්ලීම් ද කරලා තියෙනවා. මීට අමතරව සත්ත්ව හිංසනයට විරුද්ධ සංවිධාන මේවන විට යුවාන් 7000ක් පමණ වැයකරලා මරන්න ඉදපු  සුනඛයින් 100ක් නිදහස් කරලා තියෙනවා.

ඇත්තටම සුනඛයා තමයි මිනිසාගේ ආරම්භයේ ඉදන්ම ලගින් හිටියා සත්ත්වයා. ගෘහස්ථය ඇතුලේ හොද මිත්‍රෙයක් වුණා. ඉතිං ඒ නිසා සුනඛයින් මරණ එක හොදනෑ තමයි නේද?......

දිස්නා ගමගේ
කැලණිය විශ්වවිද්‍යාලය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය

1 comment:

  1. ohoma giyoth thawa tika kalekin lokaye durlaba sathek weenne sunakaya

    ReplyDelete