Saturday, July 4, 2015

පොඩි හාමුදුරුවො අද හවසත් යූ ජී සී වැඩියා අම්මේ............


සරසවියේ පොඩි හාමුදුරුවෝ
 
”පොඩි හාමුදුරුවො අද හවසත් වෙල් එළියට වැඩියා අම්මේ.....” මේ ගී පදය අද වෙනස් අතකට හැරවෙමින් පවතී. ඒ වෙනුවට පොඩි හාමුදුරුවො අද හවසත් යූ ජී සී වැඩියා අම්මේ යයි කියන්නට අපේ දිව නැමෙන්නේය. භික්ෂුව යනු ගිහියෙකුට වඩා වෙනස් ආකාරයට ගැටලුවක් නිරාකරණය කරගත හැකි පිරිසකි. ඒ තුළ ඉවසීම, දයාව, කරුණාව ආදී වූ බුදු ගුණ පිරී පවතී. ගිහියන් බොහෝ විට භික්ෂූන් වහන්සේ නමක් පැහැදිලි කරන කවරක් වුවද ඉතා සාවදානව අසා සිටියි. එහෙත් වර්තමානය වන විට භික්ෂුවට සවන් නොදී පහරපිට පහර එල්ල කරන්නට තරම් සමාජය වෙනස්වී ඇත. මෙලෙස අටුවා ටීකා සපයමින් මේ කතා කරන්නට යන්නේ වර්තමාන සරසවි භික්ෂුව මුහුණ දී ඇති අර්බුධ සම්බන්ධයෙන්ය. මේ වන විට කැලණිය, ජයවර්ධනපුර සහ රුහුණ යන විශ්වවිද්‍යාල දින ගණනාවක් තිස්සේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වේ. ලිපිය ලියන මොහොත වන විට එයට දින  49 ක් ගතවී ඇත. ඔවුන් මේ අරගල කරනුයේ දානයක් වළදා, පොතක් පතක් කියවාගෙන, දේශනයකට ගොස් සිටින්නට නොහැකි කම නිසාදෝ යන්න බොහෝ අයගේ ප‍්‍රශ්නයට තුඩුදී ඇත. එහෙත් සරසවි භික්ෂුව මේ හ`ඩ නගනුයේ විශ්වවිද්‍යාල තුළ භික්ෂු කප්පාදුවට එරෙහිවය. උන්වහන්සේලා න`ගන ඇතැම් තර්ක වනුයේ  භික්ෂුව යනු අනාගත ශාසන අභිවෘද්ධියේ කො`දුනාරටිය නම් විශ්වවිද්‍යාල වලින් භික්ෂුන් වැඩි පිරිසකට අධ්‍යාපන වරම් හිමිකරදිය යුතු බවයි. වර්තමාන අධ්‍යාපන බලධාරීන් මේ සම්බන්ධයෙන් මුණිවත රැුකීම භික්ෂුව සම්බන්ධයෙන් අවධානය අඩුකිරීමක්ද යන්න ගැටලූවකි.
 
කුඩා කළ සිටම තම දෙමාපියන්ගෙන් වෙන්ව පන්සලකට වී ලොකු හාමුදුරුවන්ගේ ගුරුහරුකම් මත අධ්‍යපනය ලබන කුඩා හිමිවරුන්ට අපි පස`ග පිහිටුවා නමස්කාර කරන්නෙමු. එහෙත් සරසවි භික්ෂුව සම්බන්ධයෙන් මේ තත්ත්වය ගිලිහී යමින් පවතී. ඇතැමුන් න`ගන චෝදනාව වන්නේ සරසවි භික්ෂුව තමන්ට නොහොබිනා කටයුතු සිදු කරන බවයි. ඇතැම් විට භික්ෂුන් වහන්සේනමක් පැවිදි දිවියට පැමිණෙනුයේ විවිධ හේතු සාධක නිසාය. ඒ කවරක් වුවද පැවිදි දිවිය තුළ උන්වහන්සේලා හුුරු කරනුයේ අල්පේච්ජ ජීවිතයකටය. ධාර්මික ජීවිතයකටය. මේ හුරුව සරසවි භික්ෂුවටද එලෙසම පවතී. සරසවි අධ්‍යාපනය තුළ මහා පණ්ඩිතයෙකු වීමට උන්වහනසේලා සිහින දකිති.
 
නිවාඩුවක් ලන්වූ විගස තම ලොකු හාමුදුරුවන් වහන්සේ බැහැ දකින්නට යන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අපි දැක ඇත්තෙමු. එහෙත් මේ වනවිට ලොකු හාමුදරුවන් බැහැදකින්නට යන ඒ අවස්ථාව කවුරුන් හෝ උදුරාගෙන ඇත. දානයකට වඩින්නට වේලාවක් නැත. ඊට හේතුද ගණනාවක් ඇත. පළමු තන්හිලා තම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්නට සිදුවීම කණගාටුදායකය. වෙනදා  තම නේවාසිකගාරයේ ගිමන් හරින උන්වහන්සේලාට දැන් මහපාරේ අට්ටාලයකට වී පැසසුම් මෙන්ම ගැරහුම් ලබන්නටද සිදුවී ඇත. අටලෝ දහම තුළ ප‍්‍රගුණ කරන බොහෝ කාරණා වර්තමාන සරසවි භික්ෂුව  ඕනෑවටත් වඩා වැඩියෙන් ප‍්‍රගුණ කරමින් සිටිති.
 
තම අයතීන් වෙනුවෙන් වගකිවයුත්තන් දැනුම්වත් කරන්නට පාගමනක් යන උන්වහනසේලාට දානයට ලැබෙන්නේ ක`දුලූ ගෑස්ය. අතුරුපස වනුයේ බැටන් පොලූ පහරවල්ය. පිරිකරවල් ලෙස තවත් බොහෝ දේ උන්වහන්සේලා සතු වන්නේය. කාලයක් පුංචිහාමුදුරුවන් වහන්සේ වූ උන්වහනසේලා සකස්කඩය, ධම්මපදය, පිරුවාණ පොත් වහන්සේ කටපාඩම් දෙන්නට ගොස් ලොකු හාමුදුරුවන්ගෙන් කුටි කන්නට ඇත. ඒ ධර්ම විනය මනාලෙස ප‍්‍රගුණ කරවන්නට උන්වහන්සේ ගත් නිර්ලෝභී ප‍්‍රයත්නයන්ය. එහෙත් අයිතීන් ඉල්ලමින් සටන් කරන්නට යන සරසවි භික්ෂුවට පහර පිට පහර එල්ල කරනුයේ සදාචාරය සුරකින්නට උත්සාහ දරණ සමාජයකය. ඒ පහරවල් වි`ද දරා ගැනීමට ධර්මය උන්වහනසේලා ප‍්‍රගුණ කර ඇත.
 
භික්ෂුව වනාහී උන්වහන්සේට අවශ්‍ය සෑම දෙයක්ම ඉල්ලීමකින් තොරව හිමිවන පිරිසකි. එබැවින් භික්ෂූන්ගේ ඉල්ලීම් ඉතාමත් අල්පය. සරසවි භික්ෂුව සම්බන්ධයෙන් මේ අර්බුධය පවතින්නේ අධ්‍යාපන අයිතින් දිනා ගැනීම සම්බන්ධයෙන් පමණි. උන්වහන්සේලා මෙලෙස හ`ඩනගා වෙනත් කිසිවක් ඉල්ලන්නේ නැත. කුඩා අවධියේ ගිහි දරුවෙකුට හිමිවන වරප‍්‍රසාද බොහෝමයකින් ඈත් වුණු පුංචි හාමුදුරුවරුන් පන්සලේ මිදුල අමදිමින්, ආවතේව කටයුතු සිදු කරමින් අධ්‍යාපනය ලබන්නට විය. ඒ අතරද උන්වහනසේලා විවිධ දුෂ්කරතාවලට මුහුණදුන් අවස්ථා නැතුවා නොවේ. පාසලට වඩා පහසුකම් අඩු පිරිවෙන් අධ්‍යාපනය තුළ උන්වහන්සේලා මනාව අකුරු කරන්නට ඇත. උසස් පෙළ හදාරණ අවධියේ ගිහි සිසුවෙකු මෙන් නොව දානයට වඩින්නට, පංතිවලට සහභාගිවන්නට මෙන්ම ගමේ පිරිත් ගෙදරට, මළ ගෙදර පානශුකූලෙට යාමද උන්වහන්සේලාට අනිවාර්ය විය. මේ සියලූ කටයුතු පුර්ණය කරමින් උන්වහනසේලා සරසවි වරම් හිමිකර ගනී.
 
පාලි, සංස්කෘති, බෞද්ධ දර්ශනය මෙන්ම බුද්ධ ධර්මය යනු වෙළෙද ලෝකය තුළ අඩු වාණිජ වටිනාකමක් හිමි විෂයන්ය. එසේ වුවද බෞද්ධ දර්ශනය ඉදිරියට පවත්වාගෙන යන්නට සරසවි භික්ෂූන් වහන්සේලා එවැනි විෂයකරුණු අනිවාර්ය ලෙසම උගත යුතු වෙයි. සාරධර්ම පිරි සමාජයක් නිර්මාණය  කිරීමට බෞද්ධ භික්ෂුව සෘජුව ස්ව මැදිහත්වීම ලබාදිය යුතු වේ. එවන් කාරණා වලදී විශ්වවිද්‍යාල වලට භික්ෂුන් බ`දවා ගැනීම සම්බන්ධයෙන් පෙර තිබූ  ප‍්‍රමාණයන් අඩු කරමින් කප්පාදු කරන්නට බලධාරීන් උත්සාහ ගනිද්දී ඒ වෙනුවෙන් වැඩිහිටි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අරගල කිරීම වරදක්ද යන්න උගත් සමාජයන් මෙනෙහි කළ යුතුවන්නේය.
සරසවි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිදුකරමින් යන මෙවන් කප්පාදු කිරීම් නිසා ඉදිරියේදී සරසවි වලින් එළියට පැමිණෙන භික්ෂුන් වහන්සේලාගේ ප‍්‍රමාණය අඩුවීම කිසිවෙකුටත් වැළැක්විය හැකි කාරණයක් නොවේ.

සටහන කේ ජී දිස්නා කුමාරි
        කැලණිය විශ්වවිද්‍යාලය

No comments:

Post a Comment