Tuesday, June 23, 2015

තාත්තා අකුරු දැන ගත්තේ නැති වුණාට දුවට හොදට ඉගැන්නුවා....... දුව ඊට පස්සේ තාත්තට අකුරු කියලා දෙනව...... ලස්සනයි නේද මේ කතාව......

ලියාපන් ආ යන්න

විකසනය අ, යන්නේ
සොයාපන් කිය කියා
රිදෙන්නට ගුටි තැලුව
අ, යන්න නොදැනගත්
තාත්තා
නුඹ මගේ

කොරවෙච්ච සුළැගිල්ල
පියඹන්න සැරසෙද්දි
සමිතියේ ගොවි ලියුමේ
අත්සනක් තියන්නට
පොරබැදුව
තාත්තා
නුඹ මගේ

කිසිවිටෙක නුඹ නොසිතු
ජීවිතේ කුලුදුල්ම
ගුරුවරිය වුණා මම
අකුරු නූගත් නුඹට
කියවන්න
ආ, යන්න

දිස්නා

16 comments: