Saturday, June 13, 2015

මෙහෙමත් වැඩ කරන පිරිමි ඉන්නවද කියවලා බලන්න මේවා හරිද කියලා

ඉඟ නෙරියේ රැළි සැදුවේ- හිමි සඳුනේ මගේ විතරද?

පසුගිය දවසක මම ගොසිප් පුවත් වල සැරිසැරුවා. එවිට මේ පුවත හසු වුණා. මාමා එක්ක අනියම් ඇසුරක් පැවැත් වූ සැකයට බිරිඳගේ රහස් ප්‍රදේශ ගම් දමා ඇලවූ කෘර සැමියා. සිරස්තලය දැක්ක ගමන්ම ඇතුළත කියවන්ට සිත් විය. කියවගෙන යන අතරතුර යම් යම් දේවල් හිතුණා. කාටවත් වරදක් කියන්න බෑනේද කයලත් හිතුණා. ඒ අතර ලිපිය අවසානයේ බොහෝ අය මේ ගැන කියපු අදහස් දැක්කා .දැනගන්න තිබුණ උනන්දුව නිසාම ඉතා අසාවෙන් කියෙව්වා. ඒවා කියවල ඉවර උණාම තමයි මෙහෙම ලිපියක් ලියන්න හිතුණේ. ඔයාලගේ දැන ගැනීමට මම ඒවගෙන් සමහරක් ගෙනාවා.

විශ්වාස කඩකලාම මේ වගේ දඬුවම් සැර මදි. වල් ගෑණු මොකද මිනිහා ඉදිද්දි තව පිරිමි ............

හොඳ වැඩේ හොර මිනිස්සු එක්ක ලැග්ගනම් දැන් විඳවපන්.

මිනිස්සු අතරේ ඉන්නවා මේ වගේ කාලකණ්ණි.

හප්පේ මම මිනිහා වුණානම් අහවල් එකෙත් ගම් ගාලා අලවලා කටෙත් ගම් ගාලා අලවනවා කියවන්ඩ බැරි වෙන්න. මේ වගේ වේස ගෑණුන්ට ඔහොම දඬුවම් පොඩි වැඩියි..............

නියම පිරිමි තමයි. සුපර් ග්ලූ දාන්න තිබ්බේ.

හ්ම්..............ඔන්න ඔහොමයි බොහෝ පිරිමි කමෙන්ට් කරලා තිබුණේ. මට හිනා යනවා. මහ ලොකුවට කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලා. හැම අම්මටම දරුව ලැබුණේ සැමියා ලැබුණට පස්සෙද? එහෙම නැත්නම් සැමියා ලැබුණේ දරුවා ලැබුණට පස්සේද? මේ දෙකම අතර කාන්තාව අරගල කරනවා. පිරිමින්ට කවුද අයිතිය දුන්නේ හිතුණ හිතුණ වෙලාවට හිතෙන හිතෙන ගෑණිත් එක්ක ඉන්න. ඇයි කවුරුවත් පිරිමියගෙ වරදක් කියන්නේ නැත්තේ.

පරණ මතයක් තියෙනවා අවසර කල  රහස් තැන ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන. පිරිමි ඔන්න ඔය වචන වලින් තමයි ගැහැණුන්ට ගහන්නේ. ගැහැණියට ඒ වරද කරන්න කවුරුහරි පිරිමියෙක් ඉන්නවා කියන එක අමතක වුණාද? මේ කියන්නේ අර කතාවේ හිටිය මාමාටත් එක්කයි. හැමෝම බනින්නේ අවලාද නගන්නේ කාන්තාවට. බැරි වෙලාවත් ගර්භාෂය පිරිමියාටත් පිහිටලා තිබුණනම් කවුද මේ වරද භාර ගන්නේ.
ගැහැණියට හෝ පිරිමියාට ලිංගික හැඟීමක් ඇති වීම පොදු කාරණයක්. ඒ හැඟීම වරදක් නම් ඒක ස්ත්‍රියට වගේම පුරුෂායාටත් වැරදියි. නමුත් සමාජය හැකි තරම් කාන්තාව ලිංගික හැසිරීම් වලදී පහත් තත්ත්වයට දානවා. යොදන්න පුලුවන් හැම විශේෂණ පදයක්ම ඇයට යොදනවා. බොහෝ අය කියන්නේ කොල්ලයි බල්ලයි කොහේ නිදාගෙන ඉඳලා ආවත් නාවලා ගෙට ගත්තම ඔක්කෙම හරි කියලා. ඒ වුණාට ඔය කියන කවුරුවත් හිතුවද කොල්ලව නිදාගෙන ඉඳලා එන්නේ තවත් කෙල්ලෙක් එක්ක කියලා. ඇයි මිනිස්සු සිද්ධි දිහා මේ තරම් හුදෙකලා විදියට හිතන්නේ. හැමෝම ගැන සමබරව හිතන්න බැරි. ඒකට හේතු තියෙනවා. සංස්කෘතිය අපිට කොටුවක් ඇඳලා පෙන්නලා තියෙනවා මෙතනින් එහාට හිතන්නවත් යන්නවත් එපා කියලා. අපි ඒ කොටුව ඇතුළේ තවත් පොඩි පොඩි කොටු හඳාගෙන ඒවට අනුකුලව ජීවත් වෙනවා. ඇතැම් වෙලාවට අපි හැමෝටම තේරෙනවා යථාර්ථය. ඒත්..... අපි ඒක දන්නේනෑ වගේ බොරුවට ඉන්නවා.

ගැහැණු විවේචනය කරණ හැම පිරිමියම පරම පිවිතුරු අති රමණීයයි කියලා හිතනවනම් ඒක වැරදියි. මේ ලෝකේ ගණිකාවන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ පිරිමි මතයි. පිරිමි ඇගේ පහස සොයා ගෙන යන්නේ නැත්නම් ව්‍යාපාරයක් විදියට ඒක නතර වෙනවා. හැබැයි දිනෙන් දින ඒක දියුණු වෙනවා කියන්නේ පිරිමි ඇබ්බැහි වෙනවා කියන එක. එතකොට ඒවට යන බහුතරයක් පිරිමි තමයි මේ විදියට කාන්තාව විවේචනය කරන්නේ. පුරුෂ මූලික සමාජයක කාන්තාවන් මේ තරම්වත් නිදහසේ ජීවත් වෙනවා ඇති කියලා හිතෙනවා. පිරිමි කියන තරම්ම හොඳනම් කාන්තාව හැන්දෑවේ හය වෙද්දී ගෙදරට දුවන්න ඕන නැහැ. දූෂණ මේ තරම් වැඩි වෙන්නෙත් නැහැ. ඉස්සර කිව්වේ කාන්තාවකට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට මැණිකක් අතේ තියාගෙන යන්න පුලුවන් කියලා. මැණික  පැත්තකට දාන්නකෝ. ඉතං මේ අවුල කාන්තාවට වෙන්නේ තවත් කාන්තාවකගෙන්ද? නැහැ නේද? ඒකට වග කියන්න ඕන තවත් පිරිමියෙක්. 

ලිපිය ලියන මට පුරුෂ පාර්ෂවය සමඟ කිසිදු අර්බුදයක් නැහැ. හැබැයි සමාජය අපි අතර අවුලක් හදලා තියෙනවා. ඒ නිසා අපි මේ අර්බුදය විසඳන්න චින්තනමය විප්ලවයක් ඇති කළ යුතුයි කියලයි මම හිතන්නේ. සමහර පුරුෂයින් වගේම ඇතැම් කාන්තාවනුත් මම කියන අදහස විවේචනය කරන්න පුළුවන්. ලිපිය අවසන් කරමින් මට හිතෙනවා මෙන්න මෙහෙම අහන්න.......... මේ අදහස ගී පද රචක මහින්ද දිසානයකයන්ගේ...........

මුදු මුහුණේ සුව දැණුනේ
ප්‍රිය ළඳුනේ මට විතරද.....
ඔබ සුසුමේ සුව දැණුනේ
හිමි සඳුනේ මට විතරද.....
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මම විතරද.....
උර තලයේ හිස රන්ඳා
සුව වින්ඳේ මම විතරද.....
ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ළඳුනේ මං විතරද.....
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගේ විතරද.....

සටහන    කේ ජී දිස්නා කුමාරි
               කැලණිය විශ්වවිද්‍යාලය




2 comments:

  1. සිනිඩිකේටර් වලට එකතු කරන්නේ නැත්තේ ඇයි

    ReplyDelete